ජාතික හා වාර්ගික ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ

FB-Post---Sinh-001

පසුබිම

ශ්‍රී ලංකාවට පසු කරන්නට සිදුවුනු අඳුරු කාලපරිච්ඡේද ගණනාවක් නිසා මෙහි වාසය කරන ජනකොටස් එකිනෙකාගෙන් ඈත් වන තත්වයක් හටගත්තේය. මෙය යතා තත්වයට ගත හැක්කේ වගකීමෙන් ක්‍රියා කරන රජයකට පමණී.

අප රටේ කාලයක් තිස්සේ පවතින පරස්පර ජාති හා ආගම් නොඉවසීමේ මානසිකත්වය නිසා අපගේ අසල්වැසි රටවලට සාපේක‍ෂව අප දරුණු ආර්ථීක පසුබෑමකට ලක්ව සිටින්නෙමු. බලයට පත්වන ඕනෑම රජයක් ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේ අංගයක් ලෙසින් ජාති හා ආගමික සහජීවනය සඳහා වන අවස්ථා හඳුනා ඒවා ප්‍රයෝජනයට ගනිමින් චිරස්ථායී ප්‍රතිසන්ධානයක් ඇති කිරීමට කටයුතු කිරීම අනිවාර්‍ය වන්නේය. මෙය සඳහා විනිවිදභාවය, නව අණපනත් සම්පාදනය කිරීම හා එයට ආගමික ආයතන සම්බන්ධ කර ගැනීම අදාල අවශ්‍ය වෙයි.

ඉදිරි ගමන

මේ අනුව පහත විස්තර කර ඇති ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ඔබගේ පක‍ෂයේ අවධානයට ගෙනෙන්නට ජාතික ෂූරා සභාව අදහස් කරයි. අපගේ දේශයේ පොදු යහපතට මෙම කරුණු සුදුසු යැයි අපට හැඟෙන හෙයින් කැපවීමෙන් යුතුව මෙම කරුණු ආදේශ කර ක්‍රියාත්මක කරන මෙන් මෙම සභාව උදක් ඉල්ලා සිටියි.

1. ජාතික ප්‍රතිසන්ධානය සහ ජාතිය ගොඩනැගීම

යුධ ගැටුම්, වෛරය හා ප්‍රචණ්ඩත්වය නිසා ජනකොටස් වෙන් වී සිටින තත්වයක ප්‍රතිසන්ධානය යනු ජාතිය නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට පූර්ව කොන්දේසියකි. ඵලදායී නායකත්වයකින් යුතුව මෙම කාර්‍යභාරයට මූලික වීම රජයේ වගකීමක් යැයි ජාතික ෂූරා සභාව තරයේ විශ්වාස කරයි. එයින් අනතුරුව අනෙක් සියලූම පාර්ශවකරුවන් ප්‍රතිසන්ධානයට යොමු වුනු සමගිය සඳහා වන අභිනව අගයන් සම්පාදනය කළ යුතු අතර හානියට ලක් වූ සැමට සහන ලැබීමද සමාන වැසියන් ලෙසින් ආත්ම ගරුත්වයෙන් යුතුව වාසය කිරීමේ වාතාවරණය ලැබීමද තහවුරු විය යුතුය.

2. නීතියේ ආධිපත්‍යය

නීතියට අනුකූල වීම, සමානතාවය, වගවීම ඇතුලූ අංගයන් සහිතව රටේ නීතියේ ආධිපත්‍යය අව්‍යාජව පැවතීම ඇත යැයි රජය තහවුරු කළ යුතුය. මෙය සඳහා ව්‍යවස්ථා සභාව ඇතුලූ අනෙකුත් කොමිසම් සභා සාධාරණ ලෙසින් හා ප්‍රමාද නොවී සථාපිත කළ යුතුය යැයි ජාතික ෂූරා සභාව ඉල්ලා සිටියි.

3. ව්‍යවස්ථා සංශෝධන

ව්‍යවස්ථාවේ ඉසව් ගණනාවකට සංශෝධන සිදු කළ යුතුව ඇත. එයින් කිහිපයක් පමණක් පහත සඳහන් කර ඇත:

a. මූලික අයිතිවාසිකම් සුදුසු පරිදි පුළුල් කළ යුතු අතර ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියද බලගැන්විය යුතුය.

b. ජනකොටස් සබඳතා හා සමානතා ප්‍රවර්ධනය සඳහා ස්වාධීන ජාතික සභාවක් පිහිටුවිය යුතුය. අනෙකුත් අදාල කරුණු සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති (සහ ව්‍යවස්ථාවේ 7 වෙනි පරිච්ඡේදයේ අදාල අනෙකුත් වගන්ති බලාත්මක කරමින් කොන්කිරීම්වලට ලක් වීමේ අවදානම ඇති කොටස්වල අයිතීන් ආරක‍ෂා කිරීම උදෙසා ප්‍රතිපත්ති සැලසුම් හා ක්‍රම සම්පාදන ආදිය ඇතුලත්ව ජාතික ක්‍රියාකාරී සැලැසුමක් සම්පාදනය කළ යුතුය.

c. සියලූම පාර්ශවකරුවන් – විශේෂයෙන් සංඛ්‍යාත්මක වශයෙන් කුඩා ජනකොටස්- නියෝජනය වන පරිදි සීමා නිර්ණයන කොමිසමක් පත් කිරීම

d. ව්‍යවස්ථාදායකයේ මෙන්ම පළාත් පාලන ආයතනවල සහ පළාත් සභා ආදියෙහි ද සංඛ්‍යාත්මක වශයෙන් කුඩා ජනකොටස්, කුඩා දේශපාලන පක‍ෂ, කාන්තා සංවිධාන ආදි සියල්ල සාධාරණ හා සමාන ලෙසින් නියෝජනය වන පරිදි ඡන්දක්‍රමය සංශෝධන ඇති කළ යුතුය.

e. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාල විනය නීති පද්ධතියක් සහ මැතිවරණවලට අදාලව මුදල් හා අනෙකුත් දේවල් සඳහා නිර්දේශ පැනවිය යුතුය.

4. ඉවසා දරා නොගැනීම, වෛරය රෝපණය කරන කථා

මෙය ජාතික ප්‍රතිසන්ධානයට වැදගත් අංගයකි. යම් ජනකොටසක ජනවර්ගයක හෝ ආගමික විශ්වාසය පදනම් කර ගනිමින් එම ජනකොටසට අයත් පුද්ගලයෙකුට එරෙහිව ජාතිවාදී වෛරයෙන් සිදු කරනු ලබන ප්‍රකාශ, හඬනැගීම් සහ උසිගැන්වීම් ආදිය පැහැදිලිවම තහනම් කරන නීති නිර්දේශ හඳුන්වා දිය යුතුය.

5. ඉඩම් ප්‍රශ්න – ආපසු පැමිණීමේ අයිතිය

කොටි සංවිධානය විසින් පළවා හරිනු ලැබීම සහ ආරක‍ෂක අංශවලින් ඉඩම් අත්පත් කර ගැනීම වැනි විවිධ හේතූන් නිසා අවතැන්වූ හා ආපසු තම වාසස්ථානවල පැමිණීමට නොහැකිව ලත වන පිරිස් විශාල සංඛ්‍යාවලින් තවමත් සිටිති. ජාතික ප්‍රතිසන්ධානය උදෙසා මෙන්ම සමාන රටවැසියන් ලෙසින් ජීවත් වන අයිතිය ප්‍රතිස්ථාපනය කිරීමට අදාලව කඩිනමින් ගත යුතු පියවර ලෙසින් මෙම පිරිස්වලට නැවත තම ස්ථානවලට පැමිණ පදිංචි වීමේ අයිතිය කිසිදු වෙනස්කම් දැක්වීමකින් තොරව රජය සහතික කළ යුතුය.

6. සැලසුම් සහගත සංවර්ධනය

නාගරික සංවර්ධන අධිකාරියේ කිසිදු සැලැස්මක් නොමැති සංවර්ධන ක්‍රියාකාරකම් නිසා දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ජනජීවිතය උඩුයටිකුරු වී ඇතග එහෙයින් රජය මැදිහත් වී මෙම ගැටලූවට ප්‍රමූඛතා අනුව විසඳුම් ලබා දිය යුතුය. ප්‍රථමයෙන් දැනටම අසීරුතාවලට ලක්ව සිටින්නන්ට සුදුසු වාසස්ථාන ලබා දිය යුතු අතර දෙවනුව අදාල පිරිස්වලට ඇති විය හැකි අසීරුතා පිළිබඳ අධ්‍යයන සිදු නොකර කිසිදු අභිනව සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ නොකළ යුතුය.

7. නියෝජනය සහ වෙන් කිරීම

සංඛ්‍යාත්මක වශයෙන් අඩු ජනකොටස්වලට ව්‍යවස්ථාදායකයේ සහ අනෙකුත් පළාත් පාලන ආයතන මෙන්ම රජයේ පරිපාලන ව්‍යූහයේ සාධාරණ නියෝජන ඇති වීම තහවුරු කිරීම සඳහා පරිපාලන සීමා මෙන්ම පළාත් පාලන ඡන්ද කොට්ඨාශවල සීමා නිර්ණය කිරීමෙහි සහ සීමාංකනය කිරීමෙහිදී රජය විසින් වාර්ගික අනුපාතය (ජනගහන රටා) සැලකිල්ලට ගැනීම යෝග්‍ය වනු ඇත යනු අපගේ අදහසයි. මෙවිට ඉඩම් හා ස්වාභාවික සම්පත් සමානව හා සාධාරණව බෙදීයාම පිළිබඳවද රජය අවධානය යොමු කළ යුතුය.

8. සමාජ ව්‍යසන

දේශයේ සමාජයීය, සංස්කෘතික හා ආගමික ව්‍යූහය සංරක‍ෂණය කරනු පිණිස මත්පැන්, මත්ද්‍රව්‍ය, ගණිකා වෘතිය සහ කැසිනෝ ඇතුලූ සූදුව ආදි සියලූම සමාජ උවදුරු සම්පූර්ණයෙන් තුරන් කිරීමට රජය අදිටන්පූර්ව පියවර ගත යුතුය.

9. කෘෂි රසායනය

වගා කටයුතුවලදී රසායන ද්‍රව්‍ය මුල් කරගත් පොහොර වර්ග, පළිබෝධ නාශක, වල්පැළෑටි නාශක වැනි කෘෂි රසායන වර්ග භාවිතය නියාමනය කර පාලනය කරන අතර එය පිළිබඳ දැනුවත් කිරීම්ද රජය විසින් ලබා දිය යුතුය. ඒ අතරම කෘෂිකර්මාන්තය, සෞඛ්‍යයහා පරිසර සංරක‍ෂණය ආදිය මුල්කරගත් වැඩසටහන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීටද රජය මූලික විය යුතුය.

10. ඖෂධ ප්‍රතිපත්තිය

රජයේ ආරෝග්‍යශාලාවලින් නොමිලේද, එයින් පිටස්තරව පහසු මිල ගණන්වලද ඖෂධ වර්ග ලබා ගැනීමට ඇති බාධා සියල්ල තුරන් කරන ආකාරයෙන් ඖෂධ පනතක් සම්පාදනය කර එය නොපමාව ක්‍රියාත්මක කළයුතුය.

– ස්තුතියි

– ජාතික ෂූරා සභාව

http://www.nationalshoora.com/index.php/sinhala/45-national-and-ethnic-policy-guidelines-sinha

Advertisements
This entry was posted in Admin, Link. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s