ජාතිවාදී කලබල ඇති කිරීමට තැත් කළ කල්ලියක දෙදෙනකු අල්ලයි

හේමන්ත රන්දුණු

මුස්‌ලිම් ආගමික මධ්‍යස්‌ථානවලට ප්‍රහාර එල්ල කර ජාතිවාදී කෝලාහල නැවත ඇති කිරීමට උත්සාහ කළ සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ මෙහෙයවූ පුද්ගලයන් දෙදෙනකු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බොරැල්ල ප්‍රදේශයේ මුස්‌ලිම් පල්ලියකට ඉකුත් 30 වැනිදා රාත්‍රි ගල්මුල් ප්‍රහාර එල්ල කර ඊට හානි කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය එම ප්‍රහාරය එල්ල කළ කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු සහ ඊට යොදාගත් කැබ් රථයක්‌ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සංවිධානාත්මක කල්ලිය බොරැල්ල ඔබේසේකරපුර ප්‍රදේශයේදී වඩේ අලෙවි කරමින් සිටි පුද්ගලයකුට සහ ඔහුට අයත් වඩේ කරත්තයටද මීට පෙර පහරදී විනාශ කර තිබිණි. මේ ආකාරයට මුස්‌ලිම් ආගමික මධ්‍යස්‌ථානවලට සහ මුස්‌ලිම් ජාතිකයන්ට පහර දෙමින් මොවුන් නැවත ජාතිවාදී ගැටුමක්‌ ඇති කිරීමට උත්සාහ කරන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

මේ අයුරින් ක්‍රියාකරන පුද්ගලයන් සහ සංවිධානවලට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි. මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර මෙම සංවිධානාත්මක පිරිස එක්‌තරා ආගමික සංවිධානයක්‌ සමග සමීප සම්බන්ධතා පවත්වන බවද හෙළිවී තිබේ.

http://www.divaina.com/2015/06/22/news29.html

Advertisements
This entry was posted in Admin, Link. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s